Breaking

Saturday, June 30, 2018

මොකද්ද මේ botnet කියන්නේ?





botnet කියන කොට ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් topic එකක් , සරලව කියනවා නම් botnet එකක් කියන්නේ මොකද්ද කියල කියනව නම් computer virus (botnet එක හදාගන්න use කරන malicious software) එකක් සහිත computer සමුහයකින් හැදුනු computer network එකක්.
හැබැයි මේ botnet එකේ ඉන්න computer use කරන අයවත් දන්නේ නැ එයාල botnet එකකට සම්බන්දයි කියල. ඒ වගේ දෙයක් තමයි, මේ botnet එකක් කියල තියන්න.





botnet use කරලා කරන්න පුළුවන් දේවල් : 

Spam email යවන්න
DDoS attack කරන්න


මේ වගේ ගොඩක් දේවල් වලට use කරන්න පුළුවන්.
botnet එකකින් කරන්නේ මොකද කියල, හිතන්න මෙහෙම website එකක් තියෙනවා එකට, එකම වෙලාවට website එක open වෙලා තියෙන්න පුළුවන් PC ගණන 1000ක් කියල හිතන්න, එතකොට hackersල කරන්නේ මේකට 2000ක් වගේ PC වලින් එකපර access කරන්න හදනවා, එත් මේ website එක එකපර use වෙන්න පුළුවන් පුළුවන් PC 1000ක් අතරේ විතරයි වෙතකොට වෙන්නේ මේ site එක down වෙනවා.
 
මම හිතනවා කියපු දේ තේරෙන්නේ ඇති කියල,

{තේරුනේ නැති අයට මෙහෙම කියන්නම්, හිතන්න මෙහෙම කමාරක් තියෙනවා, ඒ කාමරේ ඇතුලේ එකපර ඉන්න පුළුවන් මිනිස්සු ප්‍රමාණය 1000ක් කියල (අහ්හ් මේ කාමරේ හදල තියෙන්නේ cardboard වලින් හරිද) අමාරුවේ මිනිස්සු 1000ට වඩා දානවා.1100ක් 1101ක් 1102ක් ඔහම දානවා. දානකොට මොකක් හරි ගානකින් මේ කාමරේ කඩාගෙන වැටෙනවනේ, අන්න ඒ වගේ දෙයක් තමයි මේ website එහෙමත්}

website එකට දරාගන්න බැරි තරම් ලෝඩ් එකක් අවහම මේ website ඕනිම එකක් down වෙනවා වැඩ කරන්නේ නැතුව යනවා.මෙහෙම කරන ඒවාට කියනව DDoS attack (Distributed Denial-of-Service Attacks ) කියල.
DDOS attack සහ Ethical hacking ගැන මම තව කතා කරන්න හිතාගෙන ඉන්නේ video ටිකක් හදල.
Facebook, google වගේ website වලට නම් බිලියන ගානක් access කරන්න පුළුවන් ඇති එකපර එත් හැම එකටම එහෙම නැ.


හරි මම ඉස්සල කිවුවනේ website එකක් down වෙන්න DDoS hacking විදිහ. DDoS දෙන්න computer ගොඩක් ඕනිනේ 1000ක් 2000ක් නෙවෙයි ලක්ෂ ගානක් ඕනි ඉතින්, මිනිස්සු ලක්ෂ ගානකට අපි මෙන්න මේ site එකට DDoS attack එකක් දෙනවා, මෙන්න මේ වෙලාවට කට්ටිය එන්න කියල මිනිස්ස් ලක්ෂ ගානක් හොයාගන්න මම නම් හිතන්නේ නැ පුළුවන් වෙයි කියල.

ඉතින් hackers කරන්නේ මේ botnet එක්කක් හදාගන්නවා නැත නම් botnet ගන්න පුළුවන් සල්ලි දීල.
 
(eBay, amazon එකේ එහෙම නැ මේව ගන්න hacking කර අය දන්නවා මේවා ගන්න තියෙන තැන එහෙම)

ඉතින් මේ hacker කරන්නේ botnet එකක් use කරලා අර site ඒකට එක එක විදිහේ attack කරනවා කරලා site එක down කරනවා ( වැඩ කරන්නේ නැති කරනවා).

No comments:

Post a Comment