Breaking

Thursday, January 4, 2018

බිට්කොයින් ප්‍රොටොකෝලය



දැන් තිබෙන මුදල් භාවිතා කරන්නේ සැබෑ ලෝකයේදීයි. ඒ මුදල් වලට වටිනාකමක් දීල තියෙන්නේ සේවා නිෂ්පාදන ප්‍ර‍මාණය හා භාණ්ඩ අනූවයි. Bitcoin එසේ නොව යම් පරිගණකයකින් සංකීර්ණ ගණිත ගැටළුවකි විසදන වාර ගනන අනූව වටිනාකම තීරණය කරන මුදල් මාදිලියකි. Bitcoin වල සම්මත සංකේතය BCT යි. පරිගණකයකින් ගැටළුවක් විසදා කරන නිෂ්පාදනය දක්වන මුදල යන තේරුම එන ලෙස Crypto-currency කියල හදුන්වනවා. අන්තර්ජාලයට සම්බන්ධ ඕනෑම පරිගණකයකින් Bitcoin උපයන්න පුළුවන්.

Bitcoin කිසිම රාජ්‍ය පාලකයෙකු සතු දෙයක් නෙමේ. මේවගේ පැවැත්ම තියෙන්නේ අන්තර්ජාලය හරහා එකිනෙක සම්බන්ධ වී ඇති පරිගණක ජාලයක් තුලදී පමණයි. බිට්කොයින් කියන්නේ ලෝකයේ පළවෙනි නිදහස් මුදල් ඒකකය(Free currency) හා මුල්ම Virtual currency එක.

බිට්කොයින් තාක්ෂණය වසර කිහිපයක් තිස්සේ දියුණු වෙමින් තියෙනවා. 2009 දී බිට්කොයින් 1300ක් ඇමරිකානු ඩොලර් 1 ක අගය පැවතුනා. ඒත් 2013 වෙද්දී බිට්කොයින් 1 ක් ඇමෙරිකානු ඩොලර් 1300 වුනා.

Bitcoin තාක්ෂණය

Bitcoin තාක්ෂණය හදල තියෙන්නේ Protocol හා Cryptography එකිනේක සම්බන්ධ කරල. බිට්කොයින් වැඩසටහන ඕපන් සෝස් වැඩසටහනක්. ඒ කියන්නේ බිට්කොයින් වල Source code කාටත් පේන්න තියෙන්නේ. ලෝකෙ ඉන්න ඕන කෙනෙක් මේවා දියුණු කරන්න, වෙනස් කරන්න හා වෙනස් කරපු සංස්කරනය තමන්ගෙ නමින් ප්‍ර‍සිද්ධ කරන්නත් නිදහස තියෙනව.


බිට්කොයින් ජාලයක් නිර්මාණය කරගන්නා මෙම පරිගණක වැඩසටහන, 2008 අන්තර්ජාලයෙන් පර්යේෂණ පත්‍රිකාවක් මගින් නිකුත්කරපු එකක්. බිට්කොයින් වල නිර්මාතෘ ලෙස හැදින්වෙන්නේ Satoshi Nakamoto කියන පුද්ගලයෙක්. මෙහෙම නම තියන කෙනෙක් ඇත්තටම නෑ. සමහරු කියන්නෙනම් කණ්ඩායමක් කියල. නිකම් සැබෑ කරතෘ සගවන අර්ථයක්ලු මේකට තියෙන්නේ.
බිට්කොයින් ජාලය Peer-to-Peer එකක්. මෙම ජාලයට පරගණකයක් සම්බන්ධ කරන්නේනම් එම පරිගණකය බිට්කොයින් තාක්ෂණය ක්‍රියාකරවියහැකි උපකරනයක් බවට පත්වේ. Bitcoin Client පරිගණකටකට ඉන්ස්ටෝල් කර, එය කල හැකියි. GUI Miner කියන්නෙ ජනප්‍රිය Client වැඩසටහනක්.

Bitcoin මයිනිං


යම් පරිගණකයක් Bitcoin mining pool (බිට්කොයින් ජාලයකට) සම්බන්ධ කර GUI miner වැනි වැඩසටහනක් උදව්වෙන් බිට්කොයින් නිපදවාගන්නට පුළුවන්. මේකට තමා බිට්කොයින් මයිනිං කියන්නේ. මේ සදහා යොදවා තියෙන පරිගණකය Miners එකක් කියල කියන්නේ.
මේ මයිනර් එකක් බිට්කොයින් ජාලයකට සම්බන්ධ කරල ඒ පරිගණක වලට එන විශේෂ ගැටළුක් හා Algorithm (විසදන්න උපදෙස් මාලාවක්) නිකුත් කරනව. ඊටලස්සේ පරිගණකයේ ප්‍රොසෙසර් ධාරිතාව යොදවල මේ ඇල්ගොරිතම් එක විසදනව. මේක ඉබේම කෙරෙන එකක්. මේ ගැටළු විසදෙන එක ගැන Database එකක් ඒ පරිගණකයේ සෑදෙනවා. ඒවනම් මයිනින් පරිගණකයට වැඩක් නෑ. ඒ කියන්නේ ඒක Hash එකක්.

මේ විදියට පරිගණකයේ සම්පත් යොදාගන නිපදවන Hash මතකය බිට්කොයින් ජාලයට වාර්ථා වෙනව. ඒ කියන්නේ උපයන බිට්කොයින් ගැන සටහනක්. මේ බිට්කොයින් සටහන් ප්‍ර‍සිද්ධ එකක්(රහස්යය නෑ). මේව හදුන්වන්නේ Blockchain කියල.

Bitcoin බ්ලොක්

බිට්කොයින් හුවමාරු කරන්නේත්, ලෙජරයට එක්කරන්නේත් බ්ලොක් වශයෙන් හදුන්වන විශේෂ ඒකකයක් ලෙසයි. මේ බ්ලොක් එකක් තුල අයිතිකරු හදුනාගන්න සටහනක් (Bitcoin ID) තියෙනවා. හෑෂ් තොරතුරු නියම බිට්කොයින් මුදල් ලෙස පිලිගත් සටහනකුත් මේකෙ ඇතුලත් කරනවා. බිට්කොයින් සදා ගත් දා ඉදන් මේකෙ සටහන් වෙනව.

මේකෙ තියෙන්නේ විශේෂ ඇල්ගොරිතම් එකක්, (SHA-256 hashing algorithm). හුවමාරු කරන බිට්කොයින් එක මේකයි. බිට්කොයින් හුවමාරු කරන වැඩෙත් ලේසි නෑ. ඒකට ගොඩාක් කාලයක් වැය වෙනවා. සාමාන්‍ය පරිගණකයකින් බිට්කොයින් එකක් හදාගන්න අවුරුද්දක් විතර යනවා.

බිට්කොයින්, Protocol ට අනූව මේ මුදල් ක්‍ර‍මය තුල තිබිය යුතු උපරිම බිට්කොයින් ගණන මිලියනය 21යි. දැනට මිලියන 12 නිපදවා හුවමාරු කරයි. බිට්කොයින් තාක්ෂණයට අනූව බ්ලොක් එකක් සකසා ගත් විට ඒ වෙනුවෙන් ජාලයෙන් ගෙවන බිට්කොයින් ප්‍ර‍මාණය හැම අවුරුදු 4 ට සැරයක් භාගයකින් අඩු කරනව. මේ තිබෙන ක්‍ර‍මයට ඉතිරි බ්ලොක් මිලියන 9 නිපදවාගත හැකි වන්නේ 2140 දී වගේ. ඒ කියන්නේ තව අවුරුදු 122 ගියහම. මේ නිසා බිට්කොයින් සංඛ්‍යාව අසීමිතව ඉහල ගිහින් මෙම මුදල් ඒකකයේ වටිනාකට අඩුවන්නේ නෑ.

Bitcoin වැලට්

බිට්කොයින් හුවමාරු කරන්න, ගනුදෙනු කරන්න බිට්කොයින් වැලට් (Wallet) කියන ක්ලයන්ට් වැඩසටහන් යොදාගන්න ඕන. Bitcoin-QT, MultiBit ඒවගේ ගොඩක් භාවිතා වෙන වැඩසටහන්. මේකෙ ඉන්ටර්ෆේස් හරියට මොබයිල් ඇප් එකක් වගේ. ඉතා පහසුවෙන් බිට්කොයින් මේ හරහා මාරු කරගන්න, අළුතින් බිට්කොයින් ලබාගන්න පුළුවන්. මේක  බිට්කොයින් ගිණුමේ වාර්ථාවයි.

Bitcoin උපකරණ

බිට්කොයින් මයිනින් වල ඉදන් ඒ බිට්කොයින් භාවිතා කර භාණ්ඩ මිලදීගැනීම දක්වා තියෙන එක එක අවස්ථා වලට ඕන වෙන උපකරණ දැන් වෙලදපොලේ තියනව. 


බිට්කොයින් Mining Hardware කියල විශේෂ Graphic card (GPU) තියනව. ඒ වගේම මේ ග්රැෆික් කාඩ් සමග තවත් විශේෂ උපකරණ එකතු කරල හදපු ඒව වෙලදපොලේ ගන්න තියනව. මේව ASIC(Application Specific Integrated Circuit) මයිනර්ස් කියල කියනව. මේවයින් Jalapeno ASIC miner එකක් පරිගණකයකට සම්බන්ධ කර සාමාන්‍ය වේගයට වඩා දස ගුණයක වේගයෙන් බිට්කොයින් සකසාගන්න පුළුවන්.

ගණුදෙනු කරන්න පුළුවන් බිට්කොයින්(BTC) වර්ග කිහිපයක් තියනවා. මිලිකොයින් කියන්නේ 0.001BTC ප්‍ර‍මාණයක්. මයික්‍රොකොයින් එකක් යනු 0.000001BTC ක්. කුඩාම ඒකකය සතොෂි(satoshi) එකක්. සතොෂි එකක් කියන්නේ 0.00000001BTC ප්‍ර‍මාණයක්. බිට්කොයින් ඒටීඑම් එකකින් සතොෂි එකක් දක්වා ලබාගන්න පුළුවන්.

කොහොම උනත් බිට්කොයින් කියන්නේ හොද ආයෝජන ක්‍ර‍මයක් නෙමේ. මේවගෙ වටිනාකට ගැන කිසිම වගකීමක් නෑ. ඕන වෙලාවක තමන්ගේ බිට්කොයින් නැතිවෙන්න පුළුවන්. Coindesk කියන්නෙ ලොව විශාලතම බිට්කොයින් රදවා තබාගන්න වෙබ් සේවයයි. පසුගිය අවුරුදු වල බිට්කොයින් 1295ක් හැකර්වරයෙකු විසින් පැහැරගත්ත. ඒ එකකම බිට්කොයින් වල අයිතිකාරයට ඒව අහිමි උනා.

Trade Fortress යනු බිට්කොයින් රදවාතියාගන්න තවත් වෙබ් අඩවියක්. පසුගිය අවුරුදු වල හැකරුවරුන් විසින් ඩොලර් දහතුන් ලක්ෂයක් වටිනා බිට්කොයින් පැහැරගන්නා ලදී. ඒ සියල්ලත් අයිතිකරුට අහිමි උනා. මේ වගේ Bid extreme, Bitcash, BIPS යන බිට්කොයින් රදවාගන්නා වෙබ් අඩවි වලට හැකර්වරුන් පහරදීල තියෙනව.

මේක බැංකු මංකොල්ලකෑමකට වඩා අනතුරුදායකයි. මොකද මේ වෙබ් අඩවි වගකියන්නේ නෑ . නැවත ලබාදෙන්නත් බිට්කොයින් හොයාගන්න බෑ.  

No comments:

Post a Comment