Breaking

Thursday, December 28, 2017

මොකක්ද මේ USB Reverse Tethering කියන්නේ?

අද අපි කියල දෙන්න යන්නේ මොකක්ද මේ USB Reverse Tethering කියන්නේ, කොහොමද මේක යොදාගන්න පුළුවන් කියල. USB Tethering ගැන නම් අපි දන්නවනෙ, USB Reverse Tethering කියන්නේ මේකේ අනිත් පැත්තට වැඩේ වෙනවට.

මෙහෙම කලා කියල අපිට වාසියක් ලැබෙනවද කියල ඔයාට හිතෙයි. මොකද WIFI තියෙද්දි ඕවට ඔට්ටු වෙන්නෙ කියල. මෙහෙම හිතමු, අපි තැනක Job එකක් කරද්දි අපේ පරිගණකය ජාල ගත කරල Internet පහසුකම් තියනව ඒත් WIFI කේතය දන්නේ නෑ😣. ඒ  වගේ වෙලාවකට මේ වැඩේ ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි😁. WIFI කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්, අපේ ශරීරය නිරාවරනය වෙලා තියෙන්නෙ WIFI පාවිච්චි කරද්දි. නිතරම WIFI පාවිච්චි කරන එකත් ඇගට හොද නෑ.😎😎




හරි මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ..(Windows 10 වල තමා මම මේක කරන්නේ)

මෙතනින් හෝ පහලින් වින්ඩෝස් සදහා openvpn” බාගතකරගන්න. ස්ථාපනය කරගැනීමට බාගත කරගත් ගොනුව මත Double click කර Windows ආරක්ෂක පණිවිඩය තහවුරු කරන්න.
OpenVPN Windows 32 bit


OpenVPN Windows 64 bit






මේ Window ව ආ පසු Install click කරන්න.

ඔයාට දැන “OpenVPN GUI” වල Icon එක Desktop එකේ පේන්න ඇති. දැන් “OpenVPN GUI” Right click කරපුවාම එන Properties වල Compatibility Tab එකේ “Run this program as an administrator” තෝරල ok දෙන්න.




Start menu à All apps ගිහින් "Generate a static OpenVPN key" උඩ Right click කරල “Run as administrator” දෙන්න. Cmd එක open වෙයි, දැන කැමති Key එකක Press කලාම close වෙයි.




පහතින්  "android.ovpn" File එක Download කරගන්න.
Android.ovpn


මේක "C:\Program Files\OpenVPN\config" කොපි කරන්න.
දැන් Desktop එකේ තියන "OpenVPN GUI" Icon එක Doulble click කරල open කරගන්න.

හරි දැන් Search bar එකේ “Check network status ” කියල Search කරන්න. ඊටපස්සෙ එන Window එකේ Change adapter Options තෝරන්න. දැන් Ethernet උඩ Right click කරල Sharing Tab එකට යන්න. “Allow other network users to connect through this computer’s internet connection” තෝරල Ok දෙන්න.




C:\Program Files\OpenVPN\config" වලට ගිහින් "key.txt" Open කරල ඇතුලෙ තියන ඔක්කොම කොපි කරගන්න.



"smart.conf" File එක Downlaod කරගන්න. 
Smart.conf


  "smart.conf" Notepad එකෙන් Open කරල "<secret>" "</secret>" අතරට "key.txt" එකෙන් කොපි කරගත්තු එක Paste කරන්න.




දැන් Computer එකට Phone එක USB cable එකෙන් Connect කරන්න. Settings à Wireless and Networks à USB Tethering Tick එක දාන්න.




දැන් "Network connections" Open කරගන්න. ඔයාට පේනව ඇති “Remote NDIS based internet Sharing Device” කියල connection එකක් ඇවිත් කියල. ඒක උඩ Right click කරල Properties තෝරන්න. දැන් එන Window එකේ “Internet Protocol version(TCP/IPv4)” උඩ Double click කරන්න. IP address "192.168.42.128", Subnet mask "255.255.255.0", Default gateway "192.168.42.129" දෙන්න. හරි දැන් ok කරල close කරන්න.




පහල task bar එකේ “Open VPN GUI” icon එක උඩ Right click කරල connect දෙන්න.






ඔයාගෙ 4න් එකට “OpenVPN for android” ඇප් එක Install කරගන්න. දැන Open කරල “Smart.conf” පහත ලෙස සථාපනය කරගන්න.








ඔයාගෙ 4න් එකේ data On කරල(Data on කරන්නෙ connection එක හදාගන්න, මේ වැඩේට ඩේටා කැපෙන්නෙ නෑ) USB Tethering නුත් on කරල “smart” කියල අපි හදාගන්ත එක Open කරන්න.




 වැඩේ හරි දැන් ඔයා සාර්ථකව USB Reverse Tethering කලා 😋😋😥

No comments:

Post a Comment