Breaking

Friday, December 15, 2017

NETWORK LESSON 02 (සිංහලෙන්) Network Topology



ජාලකරණ ස්ළුල විද්‍යාව යනුවෙන් අර්ථ දක්වා ඇත්තේ පරිගණක මුද්‍රණ යන්ත්‍රන සහ අනෙක් උපාංග භෞතික සහ තර්කානුකූලව සම්බන්ධ කිරීම පිළිබඳවය. ජාලකරණ ස්ථල විද්‍යාවෙන් දත්ත හුවමාරුවේදී භාවිතා වන ස්ථල විද්‍යාවන් පහත දක්වා ඇත.

Bus
Star
Ring
Tree
Mesh

Bus Network

ප්‍රධාන කේබල් එකකට පරිගණක සියල්ල සම්භන්ධ කර නිර්මාණය කරන ලද ඉහත රූපසටහනේ පෙන්වා ඇති ආකාරයට නිර්මාණය කල ජාලයක් බස් ජාලයක් වේ. ඉහත ආකාරයට සියළුම Node වලට පොදුවේ ඇති සම්ප්‍රේෂණ මාධ්‍යකට පරිගණක ජාලයේ Nodes එකතු කරයි.

මෙහිදී ප්‍රධාන දත්ත සැපයුම් මාර්ගය ට හානි සිදු වුවහොත් පරිගණක කිහිපයකට දත්ත හුවමාරුව සඳහා බාධා ඇතිවේ. මෙය මෙහි ඇති අවාසියකි. Node එකක් එකතු කිරීම හා ජාලයෙන් ඉවත් කිරීම පහසු වීම මෙම ක්‍රමයේ ඇති ප්‍රධාන වාසියකි.

Ring Network

සෑම Node එකක්ම එයට වම්පසින් හා දකුණුපසින් ඇති යාබද Nodes සමඟ සම්බන්ධ කිරීමට තනා ගන්න පරිගණක ජාල Ring Topology එකට අයත් වේ. පරිගණක ජාලයේ යාබදව නොපවතින Node දෙකක් අතර තොරතුරු හුවමාරු කර ගැනීමේදී ඒවා ජාලයේ වෙනත් Nodes හරහා ගමන් කිරීම මෙහි දක්නට ලැබෙන ප්‍රධාන අවාසි වේ.

මෙම ක්‍රමයේදී පරිගණක එකිනෙක මුදුවක ආකාරයට සම්බන්ධකර තනා ඇත. මෙහි ඇති වාසියනම් එක පරිගණකයකට දත්ත ලබාගැනීම සහ යැවීම සඳහා මාර්ග දෙකක් තිබීමයි. එනිසා සන්නිවේදනයට ඇති බාධා මෙම ක්‍රමයේදී අඩුවී ඇත. අවාසියනම් රැහැන් වලට වියදම වැඩි වීමයි.

Star Network

Star Topology ක්‍රමයේදී සිදු කරන්නේ පරිගණක ජාලයේ ඇති සියළුම Nodes මධ්‍යගතව ඇති එක් Node එකකට සම්බන්ධ කිරීමයි. මේ ක්‍රමයේදී පරිගණක ජාලයට Node එකතු කිරීම හා ඉවත් කිරීම පහසු වන අතර පරිගණක ජාලය ගොඩ නැගීම පහසු වේ. මධ්‍යගතව ඇති Node එකෙහි අඩපන වීම් නිසා මුළු පරිගණක ජාලයම අඩපණ වීම මෙහි දක්නට ලැබෙන දුර්වල කමකි. මෙහි පරිගණක සම්බන්ධකර ඇති මධ්‍ය ඒකකය MAU-Media Access Unit  නමින් හදුන්වනු ලැබේ.

Bus, Ring ක්‍රම වල ඇති දුර්වලතා මගහැර මෙම ක්‍රමය නිර්මාණය කර ඇති අතර, යම්කිසි රැහැනක් බිදවැටුනහොත් අනෙක් ඒවාට බලපෑමක් වන්නේ නැත. නමුත් MAU දෝෂ ඇති උවහොත් සියළුම පරිගණක වල සම්බන්ධතා ඇනහිටී.

Tree Network


ඉහකදී අප සාකච්ඡා කල Bus, Star යන Topology දෙකෙහි එකතුවක් ලෙස Tree Topology එක සැලකිය හැකිය. Star Topology ක්‍රමයට සම්බන්ධ කර ඇති පරගණක ජාලයන් කිහිපයක් Bus Topology ක්‍රමයට සම්බන්ධ කිරීමක් මෙහිදී සිදුවේ. පරිගණක ජාලයක් අවශ්‍ය පරිදී විකාශනය කිරීමට හැකිවීම මෙහි ඇති ප්‍රධාන වාසියකි.

Mesh Network

ඉහත දකවන ලද ක්‍රම සියල්ලම යොදාගන තනන ලද ජාලයක් Mesh Topology එකක් ලෙස හදුන්වයි. වියදම් අධික ක්‍රමයක් උවත් පරිගණක ජාලයේ බිදවැටීම් අඩු තත්වයක පවතී.

ප්‍රායෝගිකව මෙම ක්‍රම සියල්ලම භාවිතා කල හැකි නමුත්, මෙම ක්‍රම එසේම භාවිතා කරනු නොලැබේ. පිටතින් බැලූ කල භාවිතා කරන ලද කිමය එක එල්ලේ හඳුනා ගත නොහැක. පරිගණක ජාලයක් තැනීමේදී ඒ ඒ පරිසරයේ පවතින හා අවශ්‍ය පරිදී මෙම ක්‍රම යොදාගනු ලැබේ. පරිගණක ජාලය සැලසුම් කිරීමේදී කිනම් ක්‍රමය කෙසේ යොදාගතයුතුද යන්න, භාවිතා කරන ජාලකරණ උපාංග, රැහැන් අදිනු ලබන ක්‍රමය මත රදා පවතී....

Daisy Chain


මෙම ස්ථලක රේඛීය ආකාරයට සියළු ධාරකයෙන් සම්බන්ධ වේ. Ring Topology එකට සමානය. සෑම Node එකක්ම වම්පසින් හා දකුණු පසින් Nodes දෙකකට සම්බන්ධ වේ(අවසාන Node එක ඇරෙන්න) . Daisy දාමයේ අවසන් අනුගාමිකයන් සම්බන්ධ වේ නම්, එය Ring Topology එකක් වේ.

Hybrid Network



එක් Topology එකකට වඩා වැඩි ගණනක් එකතු වී ඇති ව්‍යුහයක් වේ. මේවා Hybrid Topology ලෙස හැදින්වේ.  Hybrid Topology සියළු Topology වල අඩංගු ගුණංග වලින් යුතු වේ. 

No comments:

Post a Comment