Breaking

Wednesday, December 20, 2017

Factory Reset කරන්නේ නැතිව Android Pattern Lock එක අයින්කරන්නේ කොහොමද?



ඔයාගෙ Phone එකේ Pattern Lock එක අමතක උනාද? Factory Reset කරන්නේ නැතුව Phone එක Unlock කරන්න ඕනද? ඔව් නම් ඔයාට මේ ලිපිය වැදගත් වේවි Phone එක Unlock කරගන්න. බොහෝ දෙනෙක් අපගෙන් අහනව මේ දේ කරන්නෙ කොහොමද කියල. ඔයාලට උදවු කිරීමක් වශයෙන් මේ දේ ගැන ගැඹුරින් කතා කරන්න තීරනය කලා. එහෙනම් මේ ලිපිය කියවල ඉගන ගන්න කොහොමද මේ Pattern Lock එක Factory Reset කරන්නේ නැතිව අයින් කරගන්නේ කියල.😎

1වන ක්‍රමය.

Dr.fone භාවිතා කරල Factory Reset කරන්නේ නැතිව Android Pattern Lock එක අයින්කරන්නේ කොහොමද?

ඔයාගෙ Phone එකේ Pattern Lock අයින් කරන්න විශ්වාසනීය , වඩා ඉක්මන් ක්‍රමයක් හොයනවනම් Dr.fone අත්හදා බලන්න - Android Lock Screen Removal. ඇන්ඩ්‍රොයිඩ් Phone එකේ Pattern, Pin, Fingerprint හෝ වෙනත් ආකාරයේ Lock ඉවත් කරගන්න පුළුවන් මේ Dr.fone. මෘදුකාංගයෙන්. ඉතා කෙටි වෙලාවකින් Dr.fone භාවිතා කරල  Factory Reset කරන්නේ නැතුව Phone එක Unlock කරන්නේ කොහොමද කියල දැනගමු.



Dr. fone toolkit – Android Lock Screen Removal

ආකාර 4 ක ඇන්ඩ්‍රොයිඩ් ලොක් ඉවත්කරනන පුළුවන්(Phone එක Reset වෙන්නේ නෑ)

lock types - pattern, PIN, password සහ fingerprints යන ආකාර 4.

ලොක් එක් අයින් වෙනව විතරයි, ඔයාගෙ දත්ත මොනවත් නැතිවෙන්නේ නෑ

තාක්ෂණි දැනුමකින් තොරව ඕනම කෙනෙක්ට මේක භාවිතා කරල Phone එක Unlock කරගන්න පුළුවන්.

Samsung Galaxy S/Note/Tab series, and LG G2, G3, G4, සහ තවත් බොහො දුරකතන සදහා සහය දක්වනව.

Available on: Windows

dr.fone - Unlock (Android)
 

 dr.fone - Unlock(Android) + Crack
 


මේ ක්‍රමය Galaxy Series, LG, Pixel සහ අනෙක් ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සදහා පහත ආකාරයම වේ. Unlock කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න.

1. පළමුව Dr. fone Download කරගන්න. ඔයා Download කරගෙන තියනවනම් Install කරගන්න.

2. දැන් Dr. fone Open කරල Lock Screen ඉවත් කිරීම තෝරාගන්න “Lock Screen Removal”.

3. ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය පරිගණකයට සම්බනධ කර (USB කේබල් භාවිතයෙන්) ස්වයංක්‍රියව හදුනාගන්නාතෙක් සිටින්න.

4. දුරකතනය හදුනාගත් පසු, “Start” Button Click කරන්න.



5. ඉදිරියට යාම සදහා දුරකතනයේ Download Mode තුලට ඇතුලත් කල යුතුයි. ඉසෙල්ලාම Phone එක Off කරන්න. දැන්, Home, Power, and Volume Down button තුනම ඔබාගන ඉන්න.

6. ඊට පස්සේ Volume Up button එක Press කලාම සාර්ථකව Download Mode එකට යන්න පුළුවන්.



7. Phone එක Download Mode එකට ආවහම මෘදුකාංගයෙන් Recovery Package එකක් Download වෙනව.

8. ඒක Download වෙලා Lock එක අයින් වෙනකම් ටිකක් ඉන්න.





9. වැඩේ ඉවර වුනාට පස්සේ, Notification එකක් එනව සාර්ථකයි කියලා. 






දෙවන ක්‍රමය


02. ගූගල් ගිණුම පාවිච්චි කරල Reset කරන්නෙ නැතුව Unlock කරගන්නේ කොහොමද?

ඔයාගේ Phone එකේ ගූගල් ගිණුමක් ඇතුලත් කරල තිබුනනම් සරලවම Unlock කරගන්න පුළුවන්. මේ තාක්ෂණය භාවිතා කරන්නේ Android 4.4 සහ පෙර සංස්කරණ වලට පමණයි. Factory Reset කිරීමකින් තොරව Unlock කරගන්න පහත පියවර අනුගමනය කරන්න.

1. සරලව ඔයා කැමති pattern කිහිපයක් අදින්න. Pattern වැරදි නිසා පහත තිරය දිස්වේවි.

2. දැන් “Forgot Pattern” Click කරන්න.



3. මේකෙන් Phone එක Access කරන්න පුළුවන්.



4. Google ගිනුමෙ තොරතුරු තෝරල “Next” Click කරන්න.



5. දැන් ඔයාගෙ Phone එකට සම්භන්ද වෙලා තියන Google ගිණුම දාල Sign-in කරන්න.

6. දැන් ඔයාට අලුත් Pattern එකක් තෝරගන්න පුළුවන්....  



03. වන ක්‍රමය

Android Device Manager බාවිතයෙන් Pattern එක Unlock කරගන්නේ කොහොමද?

කෙලින්ම වැඩේට බහිමු,

1. ඔයාගෙ Google ගිණුමෙන් Android Device Manager (Find My Device )ට ලොග් වෙන්න.
Android Device Manager website: https://www.google.com/android/find

2. ඒ මගින් ගිණුමට සම්බන්ධ දුරකතනය තෝරගන්න පුළුවන්



3. ඔයාට ඔයාගේ Phone එකට Ring, Lock, Erase කියල Option 03 ක් දීල තියනව. මෙතනින් ඉස්සරහට යන්න Lock Option තෝරගන්න.

4. දැන් Pop-Up Window එකක් ඒවි. මෙතනින් ඔයාට අළුත් Lock එකක් දාන්න පුළුවන්.

(හුදෙක් අධ්‍යාපනය සඳහා පමණි)

No comments:

Post a Comment