Breaking

Tuesday, July 3, 2018

ජාවා Development Kit



ඔබ උබුන්ටු(Ubuntu) මෙහෙයුම් පද්දතියක් භාවිතා කරයි නම් ජාවා මෘදුකාංග නිර්මාණ කට්ටලයක් ඒ තුල ඇතුලත්ව ඇත. එසේ නොවන විට මෙහෙයුම් පැනලය(Terminal) මත sudo apt-get install sun-java8-jdk විදානය ලබා දීම තුලින්, ජාවා මෘදුකාංග නිර්මාණ කට්ටලය ලබාගත හැක. මේ සදහා ඔබගේ පරිගණකය අන්තර්ජාලයට සම්භන්ධ කර තිබිට යුතුය.





ඕනෑම පරිගණක මෙහෙයුම් පද්දතියකි සදහා ජාවා මෘදුකාංග නිර්මාණ කට්ටලය, java.sun.com යන අඩවියෙන් ලබාගත හැක. ලබාගත් ජාවා මෘදුකාංග නිර්මාණ කට්ටලය ඔබගේ පරිගණකය තුල පිහිටුවන(Install) ආකාරය පරිගණක මෙහෙයුම් පද්දතිය තුල දිස්වේ.

ජාවා මෘදුකාංග නිර්මාණ කට්ටලය පරිගණක මෘදුකාංග රාශියකින් සමන්විත වේ. ජාවා සම්පාදකය(Javac), ජාවා මෘදුකාංගය(java) සහ ජාවා ක්‍ර‍මලේඛන අත්පොත් සම්පාදකය ඒ අතරින් වැදගත් වේ. ජාවා සම්පාදකය(Javadoc), ජාවා පරිගණක ක්‍ර‍මලේඛය අතරමැද විධාන ගොනුවක් බවට පරිවර්තනය කරයි. ජාවා මෘදුකාංගය(java), අතරමැද විධාන, ජාවා Virtual Machine තුල, එකින් එක ක්‍රියා කරවයි. එනම් Linker මගින් සිදුවන කාර්යය ජාවා(java) මගින් සිදුවේ.

පරිගණක ක්‍ර‍මලේඛය පිළිබද සවිස්තර තොරතුරු ඇතුලත් අත් පොතක් ස්වයංක්‍රිය ලෙස සැකසීම සදහා, Javadoc ඇතුලත් කරන්න.